බස්  ඇතත් මගීන්ගේ අඩුවක්


 
(කාංචන කුමාර ආරියදාස)
 දඹුල්ල නගරයේ අද(13)  බස් රථ ධාවනයේ යොදවා ඇතත් මගීන් ගේ අඩුවක් පවතී.

 දඹුල්ල ඩිපෝවේ  බස් රථ අවශ්‍ය ප්‍රමාණයට ධාවනය යෙදවූ බව එහි බලධාරීන් පැවසූහ. උදෑසන සිටම දුර පළාත්වල හැර සෙසු පළාත් වලට බස් රථ ධාවනයේ යොදවා තිබිණි.

පෞද්ගලික බස් රථ ද විශාල ප්‍රමාණයක් දඹුල්ල බස් නැවතුම් පලට ළඟා වී තිබුණද මගීන්ගේ විශාල අඩුවක් මෙදින පැවති බව පෞද්ගලික බස් හිමියෝ පවසති,
 
 කැකිරාව අනුරාධපුර මාතලේ මහනුවර මහියංගනය ගලේවෙල ආදී  ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා අවශ්‍ය  තරම් බස්රථ යොදවා තිබිණි.
 
 මේ අතර දඹුල්ල නගරයේ පොහොර අලෙවි කරන වෙළඳසැල් ඉදිරිපිට අලුයම පහේ සිට දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
 ඇතැම් වෙළඳසැල් වලට එකම එක පොහොර ලොරියක් ලැබීමත් සමඟ එම පොහොර බෙදා ගැනීම සඳහා ගොවීන් දැඩි උනන්දුවක් දක්වමින් සිටිති